gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ෆොටෝ තහනමක්! කාටවත් ෆොටෝ ගහන්න බෑ! සෙල්ෆිත් තහනම්!

මිට සති දෙකකට ඉහතදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා වනවාටු රටෙහි පැවැති හමුවකට සහභාගි වී යළි පැපුවා නිව්ගිනියා ඇතුළු රටවල් කිහිපයක් බලා ගමන් ගන්නා අතරවාරයේදී සිය ගුවන් යානයට ඉන්ධන පුරවා ගැනීම සඳහාත්, කෙටි විවේකයක් ලබාගැනීම සඳහාත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. ‘ට්‍රාන්සිට්’ මගියකු ලෙස පැමිණි බැවින් ගුවන් තොටුපළ පරිශ්‍රයේම රැඳී සිටි ප්‍රංශ ජනාධිපතිවරයා නිල වශයෙන් රටට ඇතුළු වීමට කටයුතු කළේ නැත. නමුත් ආණ්ඩුව පැත්තෙන් එය එසේ ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ආණ්ඩුව පැත්තෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනවලින් කියැවුණේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ලංකාවට පැමිණෙන බවත්, ප්‍රංශ ජනාධිපතිවරයකු ලංකාවට පැමිණෙන මුල්ම අවස්ථාව මෙය වන බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට ගොස් ප්‍රංශ ජනාධිපතිවරයා සමග කතාබහ කරන ඡායාරූප විශාල ප්‍රමාණයක් මාධ්‍ය වෙත මුදාහරිමින් ආණ්ඩුවේ මාධ්‍ය කියා සිටියේ ලංකාවේ වැඩපිළිවෙළට ප්‍රංශය සහාය ලබාදීමට සූදානමින් සිටින බවකි.

ප්‍රොටෝකෝලය කඩලා!

කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් කියන්නට යන්නේ මාධ්‍ය මගින් මෙතෙක් එළියට නොආ ප්‍රංශ ජනාධිපතිවරයාගේ කටුනායක ගමනේදී සිදුවූ වෙනත් විශේෂ සිදුවීමක් පිළිබඳවය. මෙහිදී දැනගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ ඡායාරූප ගැනීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග එම ගමනට එක්ව සිටි ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ද ප්‍රංශ ජනාධිපතිවරයා සමග එක්ව ඡායාරූප ගැනීම සහ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීමය. මෙහිදී ප්‍රංශ ජනාධිපතිවරයාද යම් අපහසුතාවකට පත්වුවත් ඒ මොහොතේ කළ හැකි වෙනත් දෙයක් නොවූයෙන් එය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කොට නොතිබිණි.

ආරක්ෂාවටත් තර්ජනයක්!

කෙසේ වෙතත් ප්‍රශ්නය පැනනැගුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ පිළිබඳ සිය අප්‍රසාදය ප්‍රකාශ කිරීමත් සමගය. ඔවුන් පෙන්වා දී තිබුණේ විදෙස් රටක ජනාධිපතිවරයකු යම් රටකට පැමිණි පසු ‘ප්‍රොටෝකෝලයට’ අනුව, එසේත් නොමැති නම් ධුරාවලියට අනුව එරට ජනාධිපතිවරයා සහ ඉහළ මට්ටමේ මැති ඇමැතිවරුන්, නිලධාරීන් හැරුණු විට වෙනත් සාමාන්‍ය මට්ටමේ පුද්ගලයන්ට ඡායාරූප ගැනීමේ අවස්ථාවට එක්විය නොහැකි බවකි. විශේෂයෙන්ම පෞද්ගලික ඡායාරූප හෝ සෙල්ෆි ඡායාරූප ගැනීම සෙසු නිලධාරීන්ට තහනම් බවත්, එසේ කිරීම ප්‍රොටෝකෝලය බිඳදැමීමක් බවත් එම නිලධාරීන් පෙන්වා දී තිබිණි. අනෙක් අතට ප්‍රංශය වැනි ප්‍රබල රටක ජනාධිපතිවරයකු ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී සාමාන්‍ය පුද්ගලයන් ජනාධිපතිවරයා සමග පෞද්ගලික ඡායාරූප ගැනීම එම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද එම නිලධාරීන් පෙන්වා දී තිබිණි.

ෆොටෝ තහනම්!

ඊළඟ ප්‍රශ්නය පැනනැගුණේ ප්‍රංශ ජනාධිපතිවරයා සමග සෙල්ෆි ගැසූ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඒවා සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ පළකිරීමට කටයුතු කොට තිබීම හේතුවෙනි. එහිදී විවිධ පුද්ගලයන් එම ඡායාරූපවලට විවිධ අදහස් දක්වා තිබීමද යම් ගැටලුකාරී තත්ත්වයක් මතුකොට තිබිණි.
ඒ අනුව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය සිය සමස්ත කාර්ය මණ්ඩලයට බලපාන පරිදි නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එම නිවේදනයෙන් කියැවුණේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ කිසිම සේවකයකු මින් ඉදිරියට රාජ්‍ය නායකයන් සමග ඡායාරූප ගැනීම හෝ ඒවා ප්‍රචාරය කිරීම සපුරා තහනම් යැයි කියාය. අදාළ රාජ්‍යතාන්ත්‍රික හමු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් පළකළ නොහැකි බවත්, නිල නිවේදන මගින් පමණක් ඒවා සිදුවිය යුතු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

රාජ්‍ය රහස්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka