gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කණ්ඩායම් දෙකක් මරාගත්ත කොළඹ හතේ ඉඩමේ අයිතිකරු එළියට එයි! පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ! පාතාලයයි දේශපාලකයොයි එකතු වෙලා කොළඹ හතේ ඉඩම්වලට ගහන ගේමකුත් එළියට එයි!

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියදී මියගොස් ඇතැයි කියනු ලබන පුද්ගලයකුට අයත් බව කියන කොළඹ 07 බාන්ස් පෙදෙසේ අක්කර භාගයක පමණ ඉඩමක පිහිටි නිවසක් අත්පත් කර ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් 26 දෙනකුගේ කණ්ඩායමක් කැති පොලු සමඟ කුරුඳුවත්ත පොලිසිය විසින් පසුගිය 07 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවස දෙසින් වෙඩි හඬක් ඇසුණු බවට මෙදින සවස 6.00ට පමණ කුරුඳුවත්ත පොලිසියට නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී තිබේ. ඒ අනුව කුරුඳුවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඒ ගැන සොයා බැලීමට බාන්ස් පෙදෙසේ අංක 18 දරන නිවසට ගොස් ඇත. එම නිවස දෙමහල් නිවසක් බව පොලිසිය කියයි. එහි ගිය පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ වෙඩි තැබීමක් එහි සිදුව නැති බවය. එහෙත් විසි කැති සහ පොලු මුගුරු ගත් පුද්ගලයන් පිරිසක් රැඳී සිටි බව පොලිසිය කියයි. පොලිසිය එහි යන විට කිහිප දෙනකු පලා ගොස් ඇති බවද සඳහන්ය.
 
මෙම නිවස ගැන පොලිසිය සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ නිවෙස් හිමියා කාලයක් තිස්සේම ඕස්ට්‍රේලියාවේ රැඳී සිට ඇති බවත් එහිදීම ඔහු මියගොස් ඇති බවත්ය. ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් බවටද විවිධ කටකතා ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ.


මේ වන විට කැලෑ වැදී මිනිස් වාසයකින් තොරව ඇති මෙම නිවස සහ ඉඩම පිරිසිදු කිරීමේ මුවාවෙන් අත්පත්කර ගැනීමට කිසියම් පුද්ගලයෙකුගේ සැළසුමකට අනුව පිරිසක් මෙහි පැමිණ සිටින බව පෙනී ගිය බැවින් අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට එහි රැඳී සිටි පුද්ගලයින් 27 දෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
 
මේ ගැන වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ මෙම ඉඩම සහ නිවස අල්ලා ගැනීමට දෙපිරිසක් අතර තරගයක් ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස එක් කණ්ඩායමක් පිරිසක් රැගෙන විත් එහි රැඳී සිට ඇති බවත් වෙඩි හඬක් ඇසුණු බවට දුරකතන ඇමතුම දී ඇත්තේ අනෙත් කණ්ඩායමෙන් බවද සැකයක් මේ වන විට මතුවී තිබේ.

පොලිසිය පවසනුයේ අත්අඩංගුවට ගත් 26 දෙනා ජා-ඇළ – කොටුගොඩ, කොළඹ 02- ඩිස්පෙන්සිල් පටුමඟ, කොළඹ 02- යුනියන් පෙදෙස, දෙමටගොඩ – ඥානවිමල මාවත, දෙමටගොඩ – කැටවලමුල්ල , මරදාන, සෙවනගල, මෝදර – හේනමුල්ල, කොම්පඤ්ඤවීදිය, කිරුලපන, කොළඹ 02 – පල්ලිය පටුමඟ, කොම්පඤ්ඤවීදිය ස්ටුවට් වීදිය, දෙමටගොඩ – මිහිඳුසෙන්පුර, කොළඹ 02- සවුන්කොට්, දෙමටගොඩ – මල්ලිකාරාම මහල් නිවාස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය. මේ අතරින් පුද්ගලයින් 13 දෙනකුම කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවන්ය. ඊට අමතරව දෙමටගොඩ පදිංචි 06 දෙනෙක්ද සිටිති.
 
ඉඩම සහ නිවස පිරිසිදු කිරීමේ මුවාවෙන් මෙම පිරිස සංවිධානාත්මකව මෙහි රැගෙනවිත් ඇති බවත් නිවස සහ ඉඩම අත්පත්කර ගැනීම සැලසුම වී තිබී ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
කුරුඳුවත්ත ඇතුළු ඒ අවට ප්‍රදේශවල පිහිටි මෙවැනි ඉඩම් අත්පත්කර ගැනීම් කාලයක සිට සිදුවන්නකි. පාතාලයේත් දේශපාලනයේත් හයිය ඇතිව සිදුකරනු ලබන මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයන් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක්ද කලකට පෙර ස්ථාපිත කර තිබුණි.

83 ජූලි කලබලය සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් කුරුඳුවත්ත ඇතුළු ඒ අවට ප්‍රදේශවල පදිංචි යාපනයට සම්බන්ධකම් කී බොහෝ පිරිසක් රට අතහැර යුරෝපය ඇතුළු රටවල් ගණනාවකම පදිංචියට ගියේය. මෙම ඉඩම් වංචාකරුවන්ගේ ග්‍රහණයට ලක්වන්නේ එවැනි අයගේ ඉඩම් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
මෙම ඉඩම සම්බන්ධයෙන්ද පොලිසිය කරුණු සොයා බලා ඇතත් වසර ගණනාවක් තිස්සේම මෙම ඉඩම පිහිටි නිවසේ පදිංචියක් තහවුරු නොවන බව එම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරියාද පොලිසියට තහවුරු කර තිබේ.

අඩුම තරමින් ඡන්ද හිමි නාමලේඛනයේද මෙහි පදිංචිකරුවෙක් සොයා ගැනීමට නොමැති බව සඳහන්ය. ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ව මෙහි ගෙන්වූ පුද්ගලයින් ගැනවත් කිසිවක් නිසි ලෙස පවසන්නේ නැති බව පොලිසිය කියයි. ඒ ගැන විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000 බැගින් පුද්ගලික ඇප මත මුදාහැර ඇත. අද (10) දින මෙයට අදාළ නඩුව විභාගයට ගැනීමට නියමිතය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka