ගෝඨාභයට මගේ සහායකයින් තුන්දෙනෙක් මරන්න පැහැරගෙන ගියා - මර්වින් සිල්වා
තම හිතුවතුන් තිදෙනෙකු ඝාතනය කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් කාලයේ දී ගෙන ගිය බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඊට විරුද්ධව තමන් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බාර දෙන්නට ගිය බවත් එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ලබා ගෙන එම ඝාතනය නවත්වන ලද බවද හෙතෙම පැවසීය.
දිට්ඨධම්මවේදනීය කර්මය පල දී අද ගෝඨාභය රාජපක්ෂට යන්න තැනක් නැති ව සිටින බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.
ඊට විරුද්ධව තමන් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බාර දෙන්නට ගිය බවත් එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා දුරකථන ඇමතුමක් ලබා ගෙන එම ඝාතනය නවත්වන ලද බවද හෙතෙම පැවසීය.
දිට්ඨධම්මවේදනීය කර්මය පල දී අද ගෝඨාභය රාජපක්ෂට යන්න තැනක් නැති ව සිටින බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.
ගෝඨාභයට මගේ සහායකයින් තුන්දෙනෙක් මරන්න පැහැරගෙන ගියා - මර්වින් සිල්වා
2023-07-10T11:04:00+05:30
Lanka Hot News