ජපන් රජයේ ණය ආධාර මත ඉදිකරන ලද ‘කල්යාණි රන් පිවිසුම (Golden Gate Kalyani)’ නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට ලක්ව තිබෙන බව කියනවා. වාර්තා වන අන්දමට එහි තිබූ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් තිබෙනවා.
කොන්ක්රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්රීට් ආවරණ රාත්රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද වාර්තා වෙනවා. දැනට අනාවරණය වී ඇති ආකාරයට මෙම හානිය රුපියල් මිලියන 286 (කෝටි 28) ක පමණ අලාභයක්.
කොන්ක්රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්රීට් ආවරණ රාත්රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද වාර්තා වෙනවා. දැනට අනාවරණය වී ඇති ආකාරයට මෙම හානිය රුපියල් මිලියන 286 (කෝටි 28) ක පමණ අලාභයක්.
මෙම තත්ත්වය මත නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. ‘කල්යාණි රන් පිවිසුම’ නව කැලණි පාලම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 නොවැම්බර් 24 දා විවෘත කරනු ලැබූවක්.