gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නතාෂා ගැන කතා කළ තරිඳුව කටඋත්තරයක් ගන්න CIDයට කැඳවලා!

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ඒ, පසුගිය මැයි 29 වැනි දා මරදාන සමාජ හා සාමාජික කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී බෞද්ධ ආගමට අපහාස කළ‌ේයැයි චෝදනා එල්ලව සිටින නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම වැරදි බවට  කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඒ අනුව අද උදෑසන 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි ඔහුට දැනුම් දී ඇත.

මේ අතර මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාධ්‍ය මර්දනයේ තවත් පියවරක් විදිහට තරිඳු උඩුවරගෙදර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ව ජූලි 05දා (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

මෑත මාස කිහිපය තුළ ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන්නේ, තෙවැනි වතාවට බව අදාළ නිවේදනයේ දැක්වේ.

එහි සඳහන් වන්නේ, රජය විසින් විද්‍යුත් නියාමන අධිකාරී පනත, සමාජ මාධ්‍ය නියාමන අධිකාරී පනත වැනි මර්දනකාරී පනත් කිහිපයක් යෝජනා කරමින් සිටින වටපිටාවක මෙම කැඳවීම සිදුවන බවයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka