හන්තානේ පිහිටි තමන්ගේ නිවස සොරු බිඳ ඇති බව හිටපු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ ඊයේ (11) මහනුවර පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබේ.
හන්තාන නිවාස යෝජනා ක්රමයේ 13බී/16/02 දරන එම නිවසේ පදිංචිව සිටින්නේ තමන්ගේ මව බවත්, තමන් පදිංචිව සිටින්නේ කොල්ලුපිටිය වෙල්සි උද්‍යානයේ අංක තුන දරන නිවසේ බවත් දක්වා ඇති රාජ්‍ය අමාත්‍යවරයා හන්තානේ නිවස හොරු බිඳ ඇත්තේ පසුගිය මැයි මස දවසක බව ද සඳහන් කරයි.
නිවසේ තිබූ ලක්ෂ දෙකක මුදලක්, රුපියල් ලක්ෂයකට වඩා වටිනාකමක් සහිත රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂයකට වඩා වටිනා වාහන බැටරියක් මෙසේ සොරකම් කර ඇති බවත් නිවසේ සේවය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මේ සොරකම සඳහා තමන්ට සැක බවත් රාජ්‍ය ඇමතිවරයා දන්වා ඇත.
මැයි මාසයේ සිදුවූ මෙම සොරකම මව විසින් දැනගෙන ඇත්තේ දින දෙකකට පෙරදී බවත් පැමිණිල්ලේ සටහන්ව තිබේ.