ඇමතිකම් නොදෙන බව තහවුරු කරයි! දුකට පත් පොහොට්ටුවන් ආණ්ඩුව පෙරලන්න යයි!
අමාත්‍යධුර ඉල්ලා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සඳහා වෙනම කාරක සභාවක් පිහිටුවා ඔවුන්ට වගකීම් පැවරීමට රජය පාර්ශවයෙන් යෝජනා කර තිබේ.
එහි සාමාජිකත්වය ගන්නා මන්ත්‍රීවරුන් සඳහා වාහන දීමනා ඇතුළු වරප්‍රසාද රැසක් හිමිවෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ තමන් කැබිනට් අමාත්‍යධුරවලට වඩා අඩු ධුරයන් බාරගැනීමට අකමැති බවයි.
මෙම නව කාරක සභාව සඳහා පසුගිය සතියේ කැඳවීම් කර තිබුණද ඔවුන් කිසිවකු එම හමුව සඳහා සහභාගි වී නැත.
ඊට අමතරව මෙම මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට වාහන දීමනා ඇතුළු වරප්‍රසාද සහිත තනතුරු ලබා දීමට යෝජනා කර ඇතත් එයද ප්‍රතික්ෂේප වී තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ගේ ස්ථාවරය වන්නේ තවදුරටත් කැබිනට් මණ්ඩලය වැඩි නොකිරීම බවත් වාර්තාවෙයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡුන්ද විමසීමකදී ආණ්ඩුව පෙරළීම සඳහා සැලසුම් කර ඇති බව ද තොරතුරු වාර්තා වී ඇත.

2023-07-12T10:42:00+05:30
Lanka Hot News