gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජීවිත 11 බිලිගත් පසු පාලමක්වත් පුළුල් කරගන්න බැරි මහා මාර්ග ඇමති මොකට ද?. පුලුවන් කෙනෙකුට ඇමතිකම දී ගෙදර යන්න යැයි ජනතාව කියති!

ජීවිත එකොළහක් බිලිගනිමින්, හතලිස් එක්දෙනෙකු රෝහල් ගත කළ අනතුරින් පසුත් මනම්පිටිය කොටලීය පටු පාලම පුලුල් කිරීමට මුදල් නොමැති බව කියන ‍ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ට  මෙවැනි කුඩා පාලමක්  පුළුල් කරගැනීමට මැදිහත්වීමක් කළ නොහැකි නම් අමාත්‍යාංශය වෙනත් අයෙකුට ලබාදී ගෙදර යෑම සුදුසු බව ඊයේ එම ස්ථානයේ සාමකාමී විරෝධතාවයක් පැවැත්වූ විරෝධතාකරුවෝ පිරිසක් දන්වා සිටියහ.  

පැලැස්තර නොගසා  පුළුල් කරදෙන ලෙසට බලකරමින් දිඹුලාගල උතුරු ශාසන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන් ප්‍රමුඛ දිඹුලාගල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් ඊයේ  (11) මෙම විරෝධතාවය පැවැත්වූහ.

මෙම බස්රථ අනතුර සිදුවීමත් සමග එම පටු පාලමේ ආරක්ෂිත යකඩ වැට කඩාගෙන ඔයට වැටීමෙන් පසු ඊයේ  (11)  පෙරවරුවේ එම පාලම  අසල තවත් අනතුරු වන පරිදි, බැරල් තොගයක් අටවාගොස් ඇති බවත්,  මෙම, ස්ථානයේ තවදුරටත් ජීවිත බිලිගැනීමට පෙර ස්ථිරව පාලම පුළුල් කිරීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලීම් කළහ.

කොළඹ ඇතුළු විවිධ පළාත්වල ගුවන් පාලම් සහ වෙනත් සංවර්ධන මාර්ග ඉදිකරන පසුබිමක පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ වසර සියයකට වඩා අබලන් මාරක සහ අනාරක්ෂිත පාලම් දෙකක්  පුළුල් නොකිරීම හේතුවෙන් ඉදිරියේදී මීට වඩා  මාරක අනතුරු සිදුවිය හැකි බවද උද්ඝෝෂකයෝ  සඳහන් කළහ.

මෙම බස්රථ අනතුරු සිදු වූ ස්ථානයට එකොළොස් වෙනිදා පෙරවරුවේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්,ඒ, ධර්මසිරි  ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ මනම්පිටිය පටු පාලමෙන් අනතුරු සිදුවීමට ඇති හැකියාවන් අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ බැරල් අටවා ගොස් තිබේ.

මනම්පිටිය – නිමල් ජයරත්න


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka