අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03 ක් සැප්තැම්බර් මස 27 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම් අද (13) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියෙදී සිදු කළ යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා තිබෙනවා.
පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියෙදී සිදු කළ යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා තිබෙනවා.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 යලි කැඳවන ලෙසද නියෝග කෙරුණා.
ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනා සහ ශ්‍රී ලංකා අධික නිලධාරීන්ගේ සංගමය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණ බවයි වාර්තා වන්නේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් වසරේ අගෝස්තු මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කොට තිබූ බවයි. ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.