gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට ගැන වැඩක් නම් සලකා බලන්නම්… මන්ත්‍රී ධූරයවත් ආරක්ෂා කරගත නොහැකි ඔබ විපක්ෂය ගැන කරදර වෙන්න එපා… සජබ ජනපතිට කියයි

තමන්ගේ පක්ෂය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයවත් රැකගත නොහැකි වූ ජනාධිපතිවරයා විපක්ෂ නායකකම සමගි ජන බලවේගයට ආරක්ෂා කර දීමට ඉදිරිපත්වීමේ  කිසිදු අවශ්‍යතාවක් නැතැයි සමගි ජන බලවේගයේ   මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ය.

බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමග එක්වන ලෙස තමා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බවත් විපක්ෂ නායක ධූරය ආරක්ෂා කරදීමට විපක්ෂ නායකවරයාට පොරොන්දුවන බවත් හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා (ජූලි 3)  කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා මේ බව කීවේය.

ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ  පැවති සාකච්ඡාවක දී  සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ මේ  ආරාධනාව කුමණ අරමුණක් සඳහාදැයි    නිල වශයෙන් තවමත් දැනුම් දිමක් කර නොමැති නමුත්  ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ   කළ ආරාධනාව සම්බන්ධයෙන්  සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ආකාරයෙන්ම මින් පෙරද  සමගි ජන බලවේගයට ආරාධනාවක් කළ නමුත් කිසිදු අවස්ථාවක සාකච්ඡාවකට පැමිණ නැතැයි ද ඔහු පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි ඉලක්කය ඉතා පැහැදිලිව සමගි ජන බලවේගය දන්නා බව ත් ඔහු ජනාධිපතිවරණය බලාපොරොත්තුවෙන් මේ සියලු දේශපාලන යෝජනා සිදු කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

බංකොලොත් වී තිබෙන රට වෙනුවෙන් ඕනෑ ම දෙයක් සිදු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බැවින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ නම් එයට සහයෝගය ලබා දෙන බවද ඔහු කීවේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka