gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මං වැඩිකල් විපක්‍ෂ නායකකමේ ඉන්නෙ නෑ - සජිත් ජනපතිට දන්වයි

අවුරුදු විසි එකක් විපක්ෂ නායක පුටුව රත් කර කර සිටීමට තමාට වුවමනා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට සහාය දෙන්නැයි ජනාධිපතිවරයා විසින් විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද හොරු බේරන්න දැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

තමන්ට ජනාධිපති වීමට උදව් කරන බව ජනාධිපතිවරයා පවසා පවසා ඇති බවද කී ප්‍රේමදාස මහතා 2019 ගෝඨාභය රාජපක්ෂ සමග තමන්ට ජනාධිපති වීමට උදවු කළ ආකාරය මතක බවද සඳහන් කළේය.

එවන් උදව් තමන්ට අවශ්‍ය නැති බවත් පැවසූ ඒ මහතා තමන් යන්නේ කොතැනට දැයි තීරණය කරන්නේ දේශපාලන ඩීල් වලින් නොව රටේ ලක්ෂ 220 ක ජනතාව විසින් බවද කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka