gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගමේ නඩු ගමේම අහන්න රතන හිමිගෙන් යෝජනාවක්!

ප්‍රාදේශීය සභා ලෙස වර්තමානයේ පවතින්නේ පැරණි ගම්සභා ක්‍රමය බැවින් යළි එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමි ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ බොහෝ වැරදි සඳහා ගම තුළම නඩු අසන ක්‍රමවේදයක් හරහා ඒවා විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසිය යුතු බවයි.

ගම්සභා ක්‍රමයට සමාන ක්‍රමවේදයක් වර්තමානයේ ඉන්දියාවේ ද පවතින අතර එය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බව
රතන හිමි තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

ඒ අනුව ග්‍රාමසේවා වසමකට හෝ ග්‍රාමසේවා වසම කොටස් කිහිපයකට බෙදා හෝ ග්‍රාම එකක ලෙස, යම් අධිකරණ ක්‍රියාවලියක් සැකසිය යුතු බවයි උන්වහන්සේගේ යෝජනාව වී තිබෙන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka