gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඇමති ප්‍රසන්නගේ ඉඩම් කොල්ලය හෙළි කළ රන්ජීවි ට එරෙහිව තලංගම පොලිසිය දැමූ නඩුවෙන් ඇය නිදොස් වී නිදහස්!

නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිදුකරන දූෂණය සම්බන්ධව වීඩියෝ සාක්ෂි සහිතව රටට හෙළි කළ රන්ජීවි ද සිල්වාට  එරෙහිව තලංගම පොලිසිය විසින් ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ  (19) ඇය එම නඩුවෙන්  නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු  කළේය.

2021 නොවැම්බර් මස තලංගම පොලිසිය විසින් ගොනු කළ එම නඩුව අවුරුද්දයි මාස 10ක් පුරා විභාග වෙමින් තිබිණි.
 
නිදොස් කොට නිදහස් කළ රන්ජිවි ද සිල්වා අද මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ තමන් කිසිම වරදක් නොකළ  බව ද, අදාල නඩුව නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංගගේ අවශ්‍යතාවය මත තලංගම පොලිසිය විසින් ගොනු කර තිබුණේ යැයි ද  අධිකරණය තේරුම් ගත් බවය.

“ සිද්ධියට සම්බන්ධව  තලංගම පොලිිසය මම දාපු කිසිම පැමිණිල්ලකට හෝ ඔවුන් ක්‍රියා කළේ නෑ. ඒත් ඔවුන් මට විරුද්ධව නඩුවක් දැම්මා. මේ වනවිට ප්‍රසන්න රණතුංග රජයේ දේපල අවභාවිතා කරන හොරෙක් කියලා නීත්‍යානුකූළව ඔප්පු වෙලා ඉවරයි. ඒත්  තලංගම පොලිසිය කරන්නේ මං වගේ අහිංසක ඇත්ත කතා කරන, නීතියට සාමයට ගරු කරන මිනිස්සුන්ට නඩු දාලා හොරු රකින එක.”

“ මට මේ අගතිය කළ පොලිසියෙ     හැමෝටම එරෙහිව නඩු දානවා. නාගරික සංවර්ධන අධිකාරියටත් එරෙහිව නීතිය ඉදිරියට යනවා. අපි එක්ක රැඳී ඉන්න. ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනතුරු මේ සටන අත්හරින්නෙ නෑ. මොකද ඔහු මේ වනවිට ඉන්න ඕන ඇමති ධූරයක නොවෙයි, හිරේ නිසා.” රන්ජීවි ද සිල්වා කීවාය.

ඇයත් සමග අද මානව හිමිකම් කොමිසමේ කැඳවීමකට  අනුව එම කොමිසමට ගිය “මගෙන් රටට” සංවිධානයේ සභාපති  සංජය මහවත්ත ප්‍රකාශ කළේ ප්‍රසන්න රණතුංගගේ රාජ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අයථා කරුණු සම්බන්ධව තලංගම, මිරිහාන, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිලි 26ක් පිළිබඳව කිසිම විමර්ශනයක් සිදු නොවුන බවය.
 
“රජයට අයිති ඉඩමක් බලහත්කාරයෙන් ඇමති ප්‍රසන්න රණතුංග භුක්තිි විඳිනවා.  තවත් චෝදනා රාශියක් ඔහුට  තියනවා. මේ චෝදනා ගොනු කළ පසු     පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැනයි දැන් අපට  ගැටලුව   තියෙන්නේ.”

“මේ පැමිණිලි විභාග නොවීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ල ගොනු කළේ ඒ නිසා”

“ඒ  පැමිණිල්ල ට අදාලව කොමිසම තලංගම පොලිස් ස්ථානාධිපති, මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක චූදිතයන් කර ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.”

“අද එහි විභාගයට කැඳෙව්වා. තලංගම පොලිසියෙ ඕඅයිසී විතරයි ආවේ. මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිසමට ආවෙ නෑ. ඔවුන්ගේ නොපැමිණිම ගැන කරුණු විමසන්න කොමිසම සූදානම් බව අපට දැනුම් දුන්නා.”

“සාධාරණයක් ඉෂ්ට වෙනකම් මේ ප්‍රශ්නය දිගටම අරන් යනවා.” ඔහු කීවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka