මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිත කරන විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව තිබියදී ඇතැමුන් ජනමාධ්‍ය මඟින් ප්‍රශ්නයට විසඳුම් සොයන්නට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ලංකාදීපයට පවසා ඇත.
මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිත කරන විදුලිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබේ.
එම ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්, පෙරහර භාරය, පොලිසිය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ප්‍රවාහන අධිකාරිය සමග එකට එකතු වී සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද දියවඩන නිලමේ පවසයි.
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කරන කාලය තුළ දළදා මාලිගාව සහ සතර මහා දේවාල පරිශ්‍රවලට විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සෑම වසරකම ඇස්තමේන්තුවක් එවන බව පවසන දියවඩන නිලමේවරයා, ගිය වසරේදී එය රුපියල් ලක්ෂ 90 ක ඇස්තමේන්තුවක් වූ බවද කියා සිටියි.
එම ඇස්තමේන්තු මුදල විදුලිබල මණ්ඩලය මගින් දැරුවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ මෙවර ඇස්තමේන්තු මුදලින් යම් කොටසක් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් දැරිය යුතු බවට යෝජනා වී ඇති බව ඔහු සඳහන් කරයි.