gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සජිත් අගමැතිනම් ජනපති සමග ආණ්ඩුව හදන්න සජබ සුදානම්!

වි්‍යස්ථාව අනුකූලව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට කටයුතු කළහොත් ඉන් පසු බිහි කරන ආණ්ඩුවක් යටතේ ඔහු සමඟ රට වෙනුවෙන් වැඩ කිරීමට සමගි ජනබලවේගය සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවා සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය කිරීමට හැකි බවත් එවන් පසුබිමක ජනවරමකින් ආණ්ඩුවක් පිහිටුවා එකමුතුව කටයුතු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් හෙතෙම පැවසීය.

එසේ කටයුතු නොකර ජනතාව විසින් පලවා හැරි කණ්ඩායමක් සමග එකට හිට ගැනීමට නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපතිවරයා විසින් විපක්‍ෂයට කරන ලද ආරාධනය ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka