gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නළු නිළියන්ට ක්‍රිකට් ආයතනය වියදම් කර වාර්තාවේ වගකීම ගන්නවා – විගණකාධිපති කියයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීම සදහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්, රංගන ශිල්පිනියන් ඇත-ුළු පිරිසක් ඕස්ටේ්‍රලියාවට රැගෙන යාමට අදාලව, ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර තිබෙන විගණන වාර්තාවේ නිරවද්‍යතාවය වෙනුවෙන් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා පෙනී සිටින බව ද අයිලන්ඩ් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරන ලද වත්මන් විගණන කොමිසම, විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ජී. තේවරාජන්, ඒ.එම් ධර්මජිත් නයනකාන්ත යන අයගෙන් සමන්විතය.

විගණකාධිපති වරයා ඉහත ප්‍රකාශය සිදුකර තිබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ශම්මි සිල්වා, ඔවුන්ගේ මුදල්වලින්, රංගන ශිල්පිනිය ඇතුළු කණ්ඩායම ඕස්ටේ්‍රලියාවට රැගෙන ගිය බවට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව යි.

සියළු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු විමර්ශනයට ලක් කරමින් සකස් කරන ලද අදාල කෙටුම්පතේ කිසිදු ගැටළුවක් තිබිය නොහැකි බව විගණකාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක දී එහි සභාපති ශම්මි සිල්වා පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් රංගන ශිල්පිනියන් ඇත-ුළු පිරිස ඕස්ටේ්‍රලියාවට රැගෙන ගිය බව ඔප්පු වුවහොත් තමන් හෙටම ඉල්ලා අස්වන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka