gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

CID නිලධාරියෙක් කුඩු සළිඳුගෙන් කෝටි 13ක අල්ලසක් ඉල්ලලා! CIDයට ගිය කොටුව මහේස්ත්‍රාත්ට කුඩු සළිඳුම කියලා! වහාම පරීක්ෂණයක් කරන්න මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරියකු එහි රදවා සිටින සළිඳු මල්ෂික නොහොත්, කුඩු සළිඳු නැමැත්තාගෙන් රුපියල් කෝටි 13ක අල්ලසක් ඉල්ලා ඇතැයි, කියන සිද්ධියක් පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳව අනාවරණ වී ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා සිටින අදාල සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීය.

එහිදි, සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු, මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇත්තේ, අදාල නිලධාරීයා තමාගෙන් අල්ලසක් ඉල්ලු බවත්, තමා ඒ පිළිබදව පසුගිය මැයි 31 වැනිදා එම ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද දැනුම් දුන් බවයි.

ඒ පිළිබඳව සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඒ ගැන වහා පරික්ෂණයක් කර තමා වෙත වාර්තාවක් ලබාදෙන්නැයි, පොලිස්පතිවරායට නියෝග කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂක නොහොත් කුඩු සළිඳු නැමැත්තන් මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 15 වෙනිදා මෙරටට රැගෙන ආවේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සදහා මේ වන විට රැදවුම් නියෝග මත රදවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka