නවගමුව බෝමිරිය රාස්සපාන ප්රදේශයේ නිවසක් තුළ භික්ෂුවකට, කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් සිව්දෙනකු පොලිස් ඇප මත මුදා හැර තිබේ.
නවගමුව පොලිසිය සඳහන් කරන්නේ තම ඥාති කාන්තාවක් හා ඇගේ දියණිය සමඟින් නිවසක් තුළ සිටියදී එම නිවසට බලහත්කාරයෙන් ඇතුළු තරුණයන් පිරිසක් තමන්ට හා අනෙක් දෙදෙනාට පහර දී නිවසේ බඩු භාණ්ඩ වලට අලාභ සිදු කළේ යැයි චීවරධාරියා විසින් කළ පැමිණිල්ල මත විමර්ශන කටයුතු සිදු කරන ලද බවයි.
මුදලට ගන්නාලද කාන්තාවන් දෙදෙනකු සමඟ නිවසක කාමරයක් තුළ සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට ගිය බවත් එම අවස්ථාවේ චීවරධාරියා සහ කාන්තාවන් දෙදෙනා සමඟ නිරුවතින් කාමරයක් තුළ සිටි බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පවසා තිබේ.
එම අවස්ථාවේ බහින් බස් වීමක් සහ පහරදීමක් සිදු වූ බව ද සැකකරු පවසා ඇත.
කෙසේ වෙතත් අදාළ පැමිණිල්ල එම චීවරධාරියා විසින්ම ඉවත් කරගෙන සාමදාන වීමට එකඟ එකඟතාවය පළ කළ බැවින් අත්අඩංගුවේ සිටි සැකකරුවන්ද පොලිස් ඇප මත මුදා හැර තිබේ.