gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මන්ත්‍රී පුතාගේ සේසතම කොල්ල කෑ “රොක්ශි වත්තේ රංජි”ට වැඩ වැරදුණු හැටි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවීන් ජයසේකර  මහතාට උල් පිහියක් පෙන්වා මාලයක් සහ මුදල් කොල්ලකෑ “රොක්ශි වත්තේ රංජි” නැමති සැකකරු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය සඳහන් කළා.

සැකකරු එදින කොල්ල කන ලද රුපියල් එක් ලක්ෂ 60000/= පමණ වටිනා සුදු රත්තරන් මාලය සැකකරු සන්තකයේ තිබීයදි පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.

ඉකුත් 3 වෙනි නීතිඥ කවීන් ජයසේකර මහතා සිය පෙම්වතිය සමග බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල මෝටර් රථය නවතා කතාබස් කරමින් සිටියදී සැකකරු පාපැදියකින් මෝටර් රථය අසලට පැමිණ මුදල් ඉල්ලා තිබූ අතර මුදල් නොමැති බවට කවීන් ජයසේකර මහතා පවසා තිබූ බව පොලිසිය සඳහන් කළා.

ක්ෂණයකින් සැකකරු උල් පිහියක් ඔවුන් වෙත එල්ල කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000ක  කොල්ල කා තිබූ අතර සැනින් මෝටර් රථය තුළ තිබූ බෑගයක් කොල්ල කෑමට උත්සාහ දැරීමේදී එහි තුළ තිබූ සුදු රත්තරන් මාලය මාර්ගයේ පිටතට විසි වී තිබුණා.

අවස්ථාවේහිදී සැකකරු එයත් අවුලාගෙන පාපැදියෙන්ම පලා ගොස් තිබූ බව පොලිසිය පැවසුවා.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතා ඇතුළු ඇතුළු කණ්ඩායමක් ලබාදුන් ලබා දුන් තොරතුරු අනුවයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාද හේරත්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ එල් ඒ එස් යු කේ ලියනආරච්චි මහත්තුරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka