gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භික්ෂුන්ගේ විනය විරෝධී වැඩවලට රජය මැදිහත් වෙයි – පනතක් වහාම ගෙන එයි

භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතක් කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ වන විට රටේ විවිධ ප්‍රදේශවලින් භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා රාශියක් වාර්තා වන බව ත් ඒ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව ත් හෙතෙම කීය.

ආගමික වෛරයන් ඇති කිරීම සහ ආගමික හැඟීම්වලට පහර වදින ආකාරයෙන් වෙන යෙදුම් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බවත් මෙම භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉදිරි මාස 2 ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

මෙහි අවසන් පනත් කෙටුම්පත නාහිමිවරුන්ගේ නිරීක්ෂණ සඳහා ලබා දී ඇති අතර නාහිමිවරුන්ගේ අදහස් හා යෝජනා ලැබීමෙන් පසු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න දිසානායක සඳහන් කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.




gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka