gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටි නායකයන්ට මල් මාලා දමමින් උතුරේ මහවිරු කාර්යාලයක් විවෘත කරයි... පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ද යයි

පුනරුත්තාපනය වූ හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින් හා මහවිරුවන් වෙනුවෙන් සුභ සාධක සංගම් කාර්යාලය නමැති කාර්යාලයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේදී විවෘත කොට ඇත.

පුනරුත්තාපනය කරන ලද හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින්ගේ ඉදිරි සාමාන්‍ය ජනජීවිතය හා ඔවුන් සම්බන්ධීකරණය වෙනුවෙන් අදාළ කාර්යාලය විවෘත කළ බව පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින් පැවසූහ.

මෙම කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී පැවති විශේෂත්වය වූවේ සුභසාධන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එල් ටි ටි ඊ  සංවිධානයේ න්‍යායාචාර්ය මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නායකයෙකු ලෙසින් කටයුතු කල ඇන්ටන් බාලසිංහම්,එම සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් සහ එම සංවිධානයේම නායකයෙකුව සිට මාරාන්තික සත්‍යග්‍රහයකදී  මියගිය පළමු සාමාජිකයා ලෙස සැළකෙන තිලීපන් ඇතුළු පිරිසගේ ජායාරූප වෙත මල්මාලා පැළදවීමද සිදුකෙරිණ.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.කිෂෝර් මහතා,පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka