පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට කරන ලද නියෝගයට අනුව ඔහු වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ.
තමා හිටපු ජනාධිපතිවරයා ලෙස විශ්‍රාම වැටුප ලෙස මාසිකව රුපියල් 97,500ක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285ක මුදලක්ද ආදායම වශයෙන් ලැබෙන බව සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත.
රුපියල් මිලියන 100ක් වන්දි මුදල අතුරින් ජුනි මස (28) වනදා රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 05ක් බැගින් රුපියල් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවද එම මෝසමේ සඳහන් කරයි.