gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න හැකියාව දෙන්න යයි

පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එම ධූරය දරන අතර පළාත් සභා මන්ත්‍රී ධූරයක් දැරීමටත් හැකිවන ලෙස නව නීති සම්පාදනය කරන ලෙස සර්ව පාක්ෂික සමුළුවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. 
මෙම යෝජනාව ගැන සර්ව පාක්ෂික සමුළුව විසින් සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා පැවැති සර්ව පාක්ෂික සමුළුවට දැනුම් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා අතීතයේ නගරාධිපති ධූරයන් දරන අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දැරීමට හැකියාව තිබූ බව පෙන්වා දුන්නේය. ඒ අනුව ආචාර්ය එන්.එම්. පෙරේරා සහ වී.ඒ. සුගතදාස යන මහත්වරුන් මන්ත්‍රී ධූර දරන අතර කොළඹ නගරාධිපති ධූරය දැරූ බව ජනාධිපතිවරයා පැවසීය. නව යෝජනාවද ඊට සමාන වග ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා විසින් මෙවර සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලසුම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහාය.

මෙහිදී පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා දැනටත් පළාත් සභාවලට අයත් විය යුතු විෂයයන් මධ්‍යම ආණ්ඩුව සතුව ඇති බව පෙන්වා දුන්නේය. එසේම පළාත් සභාවලට පොලිස් බලතල පවරාදීම ගැන සියලුම පාර්ශ්ව එක්ව අවසන් තීන්දුවක් ගත යුතු බවද ජනාධිපතිවරයා කීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් ප්‍රමුඛ පක්ෂ නායකයෝ මෙම සර්ව පාක්ෂික හමුවට එක්ව සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka