gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂනායක සජිත් හෙළිකරපු මිනුවන්ගොඩ කප්පම් පාතාලය දැන් දංකොටුව දක්වාම ව්‍යාප්ත වෙලා! මෙන්න අලුත්ම හෙළිදරව්ව!

මිනුවන්ගොඩ කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන කප්පම් පාතාලය මේ වනවිට දංකොටුව දක්වා ව්‍යාප්තව ඇති බව විමර්ශන අංශ විසින් අනාවරණය කොටගෙන තිබේ.

මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශය ‌මුල්කරගෙන ක්‍රියාත්මක මෙම කප්පම් පාතාලය ඩුබායිහි සැගව සිටින හීනටියන මහේෂ් නැමැත්තකු විසින් මෙහෙයවනු ලබන බව වාර්තා වේ.

දැනටමත් මෙම කල්ලිය විසින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන්ම කප්පම් ගෙන ඇති බවත්, ඇතැම් ව්‍යාපාරිකයන් කප්පම් ලබා දී ඇති අතර ඇතැමුන් එය ප්‍රතික්ෂේප කොට ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත් කප්පම් ලබා දීම ප්‍රතික්ෂේප කළ ව්‍යාපාරිකයන්ට පාතාල සාමාජිකයන් විසින් තර්ජනය කොට ඇති බවත්, කටුනායක ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තබා ඇති බවත් අනාවරණය කොට ගෙන ඇත.

පසුගියදා මෙම කල්ලිය විසින් ව්‍යාපාරිකයකුගෙන් කෝටි 50ක කප්පමක් ඉල්ලා ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ අනාවරණයක්ද සිදුකරනු ලැබීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka