gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අඟුරුවාතොට අතුරුදන් වූ මවගෙයි දරුවගෙයි මළසිරුරු හමුවුණා විතරයි තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන්! මේ පාර හඟුරන්කෙතින්!

තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. හඟුරන්කෙත පොලීසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇත. එලෙස අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත, හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියකි.

ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම කාත්තාව සහ ඇගේ කුඩා දියණිය අතුරුදන්වූ දිනයේ ලංගම බස් රථයකින් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ නගරයට පැමිණ ඇති බව වාර්තා වී ඇත.

හඟුරන්කෙත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, එම කාන්තාව සහ දියණිය බස් රථයේ පැමිණි බවය.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් සහ ඇයගේ මාස 11ක් වයසැති කුඩා දියණිය පසුගිය 18 වන දින සිට අතුරුදන්ව තිබූ අතර, ඔවුන් දෙදෙනාගේ මළසිරුරු ඊයේ (21) උදෑසන නිවස අසල පිහිටි ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka