gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රියදුරු බලපත් ලබා නොදීමට පාර්ලිමේන්තු ලොක්කෙකුගෙන් බලපෑම්!

ආබාධිත පුද්ගලයන් වෙත රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී ක්‍රියාත්මක කරන ක්‍රමවේදය වර්තමානයට ගැලපෙන පරිදි නවීකරණය විය යුතු බවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී උදාහරණ සහිතව පැහැදි කළේය.

එහිදී, ලක්ෂ 17 කට අධික ආබාධිත ප්‍රජාවක් වෙසෙන අපේ රටේ, ඔවුන් වෙත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී භාවිතා කරන්නේ යල් පැනගිය ක්‍රමවේදයක් බවත්, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව වැනි රටවල පවා වර්තමානය වනවිට ආබාධිත ප්‍රජාව සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන නවීන වැඩසටහනක් ඇති බවත්, එය අධ්‍යයනය කර අප රටට ගැලපෙන පරිදි සකස් කරන ලද නව චක්‍රලේඛයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති නමුත් එයද මේ වනතෙක් ක්‍රියාත්මක තත්වයේ නොමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙවැනි නව ක්‍රමවේදයන් හඳුන්වා දීමෙන් පසුවත් ක්‍රියාත්මක නොවීම ගැටළුවක් බවත්, එයට හේතු ලෙස පාර්ලිමේන්තවේම සිටින විවිධ පාර්ශවයන් විසින් සිදු කරන ලද බලපෑම් බවට වාර්තා වන බවත්, ප්‍රකාශ කළ විපක්ෂ නායක වරයා, මෙම චක්‍රලේඛය සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ප්‍රවාහන අමාත්‍යාවරයාගෙන් ඉල්ලා සිටියේය.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka