වක්කඩෙන් අත සේදූ ඩීඒ රාජපක්ෂගේ පුතා ගෝඨාභය රාජපක්ෂ කිසිදා ඒ වැඩේ කරන්නෑ - නාමල් රාජපක්ෂ
අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී ඇත්තේ අරගලය මෙහෙයවූ තුන්වෙනි පාර්ශ්වය පිරිසක්දැයි සැකයක් ඇතැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එවැන්නක් සිදු නොවුණේ නම් වක්කඩෙන් අත සෝදා ගත් ඩී ඒ රාජපක්ෂ මහතාගේ පුතා වන ගෝඨාභය රාජපක්ෂ කිසිදිනෙක පොහොර සහනාධාරය නො කපනු ඇති බව තම විශ්වාසය බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කවුරුන් කුමක් කීවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය ක්‍රියාත්මක කරන ලද කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයාට එම උපදෙස් දුන් අය කවුද සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
එවැන්නක් සිදු නොවුණේ නම් වක්කඩෙන් අත සෝදා ගත් ඩී ඒ රාජපක්ෂ මහතාගේ පුතා වන ගෝඨාභය රාජපක්ෂ කිසිදිනෙක පොහොර සහනාධාරය නො කපනු ඇති බව තම විශ්වාසය බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කවුරුන් කුමක් කීවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය ක්‍රියාත්මක කරන ලද කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයාට එම උපදෙස් දුන් අය කවුද සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
වක්කඩෙන් අත සේදූ ඩීඒ රාජපක්ෂගේ පුතා ගෝඨාභය රාජපක්ෂ කිසිදා ඒ වැඩේ කරන්නෑ - නාමල් රාජපක්ෂ
2023-07-31T13:36:00+05:30
Lanka Hot News