හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3000ට අඩුයි! ලිට්‍රෝ කියයි
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව නිවේදනය කරයි.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයාට අනුව මෙම මිල අඩුකිරීමෙන් පසු කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් තුන්දහසකට වඩා අඩුවනු ඇති බවට ඉඟි පල වී තිබේ..
නවතම මිල අඩු කිරීම ලිට්‍රෝ සමාගම විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද සිව්වන මිල අඩු කිරීම ය.
ලිට්‍රෝ ගෑස් සමාගම අවසන් වරට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් සඳහා ප්‍රකාශ කළේ රුපියල් 300ක වැඩි මිල අඩු කිරීමකි.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3000ට අඩුයි! ලිට්‍රෝ කියයි
2023-07-03T19:49:00+05:30
Lanka Hot News






