gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජන්ද කුට්ටියක් බලාගෙන ජනපති රනිල් ඉස්ලාම් අන්තවාදී සංවිධාන පහක තහනම ඉවත් කරලා – මන්ත්‍රී ජයන්ත සමරවීගෙන් බරපතල චෝදනාවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ තහනම් කොට තිබූ ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහෙන් පහක තහනම ඉවත් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට ඉස්ලාම් අන්තවාදීන්ගේ ඡන්ද කුට්ටියක් කඩා ගැනීමේ උවමනාවෙන් මිස ගැඹුරු බුද්ධි අංශ වාර්තාවක් අධ්‍යයනයකින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

මෙම ඉස්ලාම් අන්තවාදී සංවිධාන පහෙහි තහනම මුළුමනින්ම ඉවත් කිරීමට පාදක කරගත් බුද්ධි අංශ වාර්තාවක් ඇත්නම් එය පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බවද ජයන්ත සමරවීර මහතා පවසයි.

එක්සත් තවුහිද් ජමාත්(UTJ), සිලෝන් තවුහිද් ජමාත්(CTJ), ශ්‍රී ලංකා තවුහිද් ජමාත්(SLTJ), සමස්ත ලංකා තවුහිද් ජමාත්(ACTJ) හා ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා(JASM) යන ඉස්ලාම් අන්තවාදී සංවිධාන පාස්කු ප්‍රහාරයට කිසිදු සබඳතාවක් නොමැති බවට සහ මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඇති බවට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා රටට සහතිකයක් ලබා දෙන්නේ දැයි සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කළා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka