පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 03ක සේවා දිගුවක් ලබා දී ඇති බවය.
පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 26 වැනි දින විශ්‍රාම ගනු ලැබීය.
කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව විවිධ සාකච්ඡා පැවති අතර අද දිනයේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
සී.ඩී. වික්‍රමරත්න මහතා මාර්තු මස 26 වනදින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ ද ඒ මහතාට මාස 03ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා මීට පෙර පියවර ගෙන තිබුණි.
ඒ අනුව ඔහුගේ ධුරකාලය දීර්ඝ කළ දෙවන අවස්ථාව මෙය වේ.