gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි එකහමාරක රත්තරන් රේගුවෙන් නිදහස් කරගැනීමට වජිර අබේවර්ධන බලපෑම් කළ හැටි රේගු ලොක්කාගේ ලියුමෙන් අතේ මාට්ටු වෙයි!

කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක්  රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු වජිර අබේවර්ධන   විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කරමින් නිදහස්  කරගත් ආකාරය  සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.
රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට සිය අත්සන සහිතව ලිඛිතව දන්වා සිටින්නේ BIA/CASE/O11/2023 රේගු නඩුවේ විමර්ශන නියෝගය සම්බන්ධව 2023.02.27 දින  හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් කරන ලද  ඉල්ලීම අනුව මේ ලිපිය යොමු කරන බවය.
අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥාපනතේ 2 විධිවිධාන යටතේ තමන්  වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණ නිලධාරියා විසින් ලබා දුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂවරයා වෙත දන්වා තිබේ.
අනතුරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවති අදාළ බදු අයකර ගැනීම මත රන් ආභරණ නිදහස් කිරීමට ද රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර ඇත.

මෙම නියෝගයට අනුකූල වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මෙම අභියාචනය සම්බන්ධයෙන් අභියාචනා ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් පසු එම නියෝගයේ රේගු අධ්‍යක්ෂ  (අභියාචන) වෙත වාර්තා කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වයා දන්වා ඇත.


ඒ අනුව ලක්ෂ 150කට වඩා වැඩි වටිනාකමක් සහිත නීති විරෝධීව රාජ සන්තක කරන ලද වත්කම් ප්‍රමාණයක් රුපියල් ලක්ෂයකට ආසන්න දඩයක් අයකරගෙන නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ බලපෑම මත කටයුතු කර තිබෙන බව තහවුරු වී තිබේ.
මූල්‍ය විනය නැතිකර තමන් සතුබලතල අවභාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑමක් මත රුපියල් කෝටි ගණනක රාජ්‍ය වත්කම් අහිමි කරන රූකඩ නිලධාරීන් ද මේ රාජ්‍ය මූල්‍ය බිඳවැටීමට වගකිවයුතු ආකාරය ලිඛිතව ඔප්පු වී තිබීම සම්බන්ධව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.
 

උපුටාගැනීම-lankasara


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka