gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිවරණය කැදවන්න සූදානම්! එතෙක් ණය නොගෙවා ඩොලර් ටිකෙන් රෝල ගහයි!

තමනට ඇති තොරතුරු අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන මාර්තුවේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 
එය අවසන් වන තෙක් ප‍්‍රතිව්‍යුහගත කරණය කරන ලද විදේශ ණය වාරික නොගෙවනු ඇති බවත් එතෙක් රටේ දැනට තිබෙන විදේශ සංචිතයෙන් පරිභෝජන අවශ්‍යතා සපුරාගත හැකි බව වුනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේය හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

‘රනිල් වික්‍රමසිංහ මහත්තයා ‘අපායේ ඉන්ටවල්’ වගේ පොඩි පොඩි සහන දෙන ආකාරයක් ද පෙනෙනවා. විදුලි බිල සියයට 60-70කින් වැඩි කරලා දැන් සියයට 14කින් පමණ අඩු කිරීමට සැරසෙනවා. ඒ සහනවලට කවුරුත් රැවටිය යුතු නැහැ.

මට ආරංචි විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා 2024 වසරේ මාර්තුවේදී පමණ ජනාධිපතිවරණයකට යන්න හදනවා. එතෙක් එයා ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද විදේශ ණය වාරිකය ගෙවන්න යන්නෙත් නැහැ. ඒ නිසා බොහෝ විට රටේ තිබෙන ඩොලර් ටිකෙන් පරිභෝජන අවශ්‍යතා සපුරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වේවි.

මෙවැනි උපක්‍රමයක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තෙක් අනුගමනය කරන නිසා අපි කවුරු සිතිය යුතු නැහැ ‘මේ වළෙන් අපි ගොඩ ඒවි’ කියා. අපි කවුරුත් රනිල්ගේ  මැජික්වලට නොරැවටී ඔහුගේ ආර්ථික මොඩලයේ වැරැද්ද දෙසයි බැලිය යුත්තේ’
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka