gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කට්ටියට කට උත්තර නැති වෙයි – ආණ්ඩුවේ ඉන්න හොරු, දුෂිතයින්ව අනුර පතුරු ගහයි (VIDEO)

රටෙි නීති දුර්වල නම් පොල් ගෙඩිය අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. 
තිබෙන නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බවද තෝරු මෝරු නීතියෙන් ගැලවෙන බවද කී දිසානායක මහතා මෙය චෞර වළල්ලක් බවද එම දූෂිත වළල්ල මැඩ පවත්වන්න නම්  ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බවද සඳහන් කළා.

නීතියෙන් පමණක් මෙය කළ හැකි යැයි සිතනවා නම් ඒ මරිමෝඩ කතාවට අප අහුවෙන්නෙ නැතැයි අනුර දිසානායක මහතා පැවසුවා.

“අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක්ද? නයා ගේ ප්‍රශ්නයක්ද? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්. දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකු ට දඬුවම් දෙන්නේ නෑ. ඒක නිකං අපේක්ෂිත ඇප වගේ.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka