gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රභාකරන්ගේ මරණය ගැන මම මුකුත් දන්නේ නෑ – මෛත්‍රීගෙන් ප්‍රකාශයක්!

හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන ජාන පරීක්ෂණය පිළිබඳ තමන්ට කිසිදු දැනීමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවා. 
යාපනයේ නල්ලූර්හි පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

තමන්ට ප්‍රභාකාරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ජාන පරීක්ෂාව සම්බන්ධයෙන් කිසිවකු කිසිම තොරතුරක් ප්‍රකාශ නොකළ වගද හෙතෙම මෙහිදී සඳහන් කළා.

සේනාධිනායකයා වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටින් බැහැර වූ අවස්ථාවේදී වැඩ බලන සේනාධිනායකයා වූයේ තමන් බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබියදී ඒ ගැන කරුණු නොදන්නා බව කීම විහිළුවක් නොවේදැයි යාපනයේ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ කාලයේ විදේශ  රටක සිටියද යුද්ධයට ඔහු එම ස්ථානවල සිට අණ දුන් බවයි.

“මම අවසන් යුද්ධයේදී සති දෙකක් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළා. මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කවුරුත් මට ඒ ගැන මොකුත් කිව්වේ නෑ. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා මීට අදාළ තොරතුරු ලබාගැනීමට මම  උත්සාහ කළත්  හමුදාව එය වළක්වා තිබුණා” යනුවෙන්ද ඔහු මෙහිදී පැවැසුවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka