පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් හෙළා දැක තිබෙනවා. එම පනත් කෙටුම්පත මගින් මැතිවරණයක් නොපවත්වා විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.
එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති ජනතාවගේ පරමාධිපත්‍ය බලයට දැඩි තර්ජනයක් ඇති කරන බව සිය විශ්වාසය වන්නේ යැයි නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.
”පළාත් පාලන මන්ත්‍රීවරු බිම් මට්ටමේ සිටින මහජන නියෝජිතයන්ය. එනිසා, පළාත් පාලන ආයතන තුළ ජනතා වරම නිවැරදිව පිළිබිඹු වීම සඳහා නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම අවශ්‍ය කරුණක්. එපමණක් නොව, මෙම සංශෝධන නරක පූර්වාදර්ශයක් සපයයි. නීති රාමුව අවභාවිත කරමින් ජාතික මැතිවරණ පවා නිසි කලට නොපවත්වා සිටීමේ අවදානමක් මෙමඟින් ඇති විය හැකියි. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වීමටත්, නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කිරීමටත් හේතු වනවා.
එම නිසා මෙම සංශෝධන සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් එකහෙලා පරාජය කළ යුතුයි. ඔබේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඉදිරියට පැමිණ, මෙම සංශෝධන වලට විරුද්ධවන්න”යෑයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.