පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබෙනවා.
අදාළ නඩුව අද (28) කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදුන් බවයි, වාර්තා වෙන්නෙ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනයට ලක් වූයේ පසුගිය වසරේ මැයි 09 වනදාය.
ගාලු මුවදොර අරගල භූමියට එවක ආණ්ඩුවේ ආශිර්වාදය ලත් මැර පිරිසක් කඩා වැදී පහරදීමත් සමඟ රට පුරා ඊට ප්‍රතිචාර ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැඟීම සිදුවුණා.
ඒ් අනුව 2022 මැයි 09 පස්වරුවේ ඇතිවූ ප්‍රචණ්ඩත්වයට සමගාමීව අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේ සිට පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේදී, අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණා.
මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂක පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතාද එම අවස්ථාවේ ඝාතනයට ලක්වුණා.
මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් 37 දෙනකු අවුරුද්දකුත් මාස 2ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව නීතිපති විසින් මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නට තීරණය කර තිබුණා.
නීතිඥ නුවන් බෝපගේගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ අද දින මෙලෙස ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ වුවද, දැඩි ඇප කොන්දේසි මත මෙලෙස ඇප ලබාදීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බවයි.