මහනුවරින් අල්ලන්නේ නැති නිසා නුවරඑළිය STF එකෙන් ඇවිත් බඩුත් එක්කම අල්ලගෙන...
ගංජා කිලෝග්‍රෑම් 2 250ක් සමග දිළුම් අමුණුගම අමාත්‍යවරයාගේ සමීපතමයකු බව කියන පුද්ගලයෙක් නුවරඑළිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මහනුවර මුරුතලාව පදිංචි සැකකරු මහාපරිමාණයෙන් පලතුරු ව්‍යාපාරිකයෙකි.

මුරුතලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොලිසිය හා සමීප සම්බන්ධතාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ඔහු ප්‍රදේශයේ තමන්ව හඳුන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ කලේකම්වරයෙක් ලෙසිනි.
මහනුවර පොලිස් කොට්ඨසයට අයත් පොලිස් ස්ථානවලින් ඔහු අත් අඩංගුවට ගැනීමක් සිදු නොකරන බැවින් නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන පේරාදෙණිය පොලිසියට භාරදී තිබේ.
පලතුරු බෙදාහරින ලොරි රථ වලින් මොහු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගංගා බෙදා හැර තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින හතක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින හතක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
-lankasara