දේශීය ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් ඊයේ කොළඹ ජෙට්වින්ග් හෝටලයේ පැවැත් පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්රී, මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා හට පක්ෂ නායකයන්ගේ දැඩි විරෝධය පළවී ඇති බව වාර්තා වේ.
ඒ, දේශීය ණය ප්රතිව්යුහගත කිරීම පිළිබදව ආණ්ඩුව ගෙන ආ යෝජනාව තහවුරු කරන ආකාරයෙන් හර්ෂ ද සිල්වා මහතාද අදහස් පළ කොට තිබීම හේතුවෙනි.
මෙහිදී මහබැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ හරහා බැංකු පද්ධතියට බලපෑමක් නොවන බවත්, සේවක අර්ථසාධක අරමුදලේ පොලියට හානියක් නොවන බවත්ය.
නමුත් පක්ෂ නායකයන් මෙහිදී මහබැංකු අධිපතිවරයාගෙන් විමසා ඇත්තේ රට බංකොලොත් බව ප්රකාශ කිරීමෙන් අනතුරුවද ඉහළ පොලී අනුපාතයන් යටතේ බැදුම්කර මිලදී ගත් ධනවතුන්ගේ අරමුදල් ප්රතිව්යුහගත නොකරන්නේ මන්ද යැයි කියාය.
කෙසේවෙතත් විපක්ෂ නියෝජිතයන් සියලු දෙනාම පාහේ ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළට විරෝධය පළ කරද්දී හර්ෂ ද සිල්වා මහතා පමණක් මහබැංකු අධිපතිවරයා දැරූ ස්ථාවරයම දරමින් අදහස් දක්වද්දී විපක්ෂ නියෝජිතයන් වූ සුමන්තිරන්, රවුෆ් හකීම් ඔහුට එරෙහිව දොස් පැවරීමක් කොට ඇති බවද දැනගන්නට ඇත.