gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු විරෝධය හමුවේ අසාර්ථක වූ රැස්වීමෙන් පසු අද තියෙන රැස්වීමට මහින්දට බැසිල්ට සාගරට විශේෂ ආරාධනාවක්!

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂයේ රැස්වීමට ‌ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ට මෙන්ම පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන්ටද ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

පසුගිය සදුදා මෙහි පළමු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණද ඊට ‌නිසි අයුරින් පොහොට්ටුවට ආරාධනා කර නොතිබීම මත දිස්ත්‍රික් නායකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියේ නැත.

ඊට හතළිස් ගණනක පොහොට්ටු දිස්ත්‍රික් නායකයන්ගෙන් පැමිණ සිටියේ ප්‍රසන්න රණතුංග ,රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල පමණි.

ඉනුත් ප්‍රසන්න රණතුංග සහ රමේෂ් පතිරණ යන දෙදෙනා කැබිනට් අමාත්‍යවරුන්ය.

මෙම රැස්වීම ‌ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ සහ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ වුවමනාව මත කැදවූ එකක් බවටද මේ වනවිට ‌තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පොහොට්ටුවේ බහුතරයක් දිස්ත්‍රික් නායකයන් ජනාධිපතිවරයාගේ රැස්වීම වර්ජනය කිරීමට පියවර ගැනීමත් සමග ඊයේ දිනයේදී නැවත වතාවක් අගමැති කාර්යාලයෙන් අද පැවැත්වෙන හමුව සංවිධාන කර තිබූ අතර ඊට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂවලට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණ.

මෙම සාකච්ඡාව අවසානයේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වෙනමම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka