gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකන් එපාවුන හැටි ගුවන් නියමු සංසදය කියයි

ගුවන් නියමුවන් බරපතල අර්බුදයකට පත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තත්ත්වයට පත් කරනු ලැබුවේ ගුවන් සමාගමේ කළමනාකාරිත්වය බවත් ගුවන් සේවයේ කළමණාකාරිත්වය විසින් ගනු ලැබූ අදූර්ශී තීරණ රාශියක ප්‍රතිඵළයක් ගුවන් නියමුවන්  ශ්‍රී ලංකන් ගුවන් සේවය හැර යෑමෙන් ප්‍රකට වන බවත් ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදය  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නියම කරන ලද ගුවන් ගමන් සඳහා පූර්ණ ධාරිතාවෙන් සේවය කිරීමට ගුවන් නියමුවන් 330ක් සිටිය යුතු නමුත් දැනට සිටින්නේ ගුවන් නියමුවන් 250කට ආසන්න පිරිසක් බවත්, තවත් පිරිසක් රට හැර යෑමට සූදානම් බවත් එම සංසදය දන්වා සිටී.

ගුවන් නියමුවෙක් තමන්ගේ පුහුණුව ලබන්නේ තම වියදමින් බවත්, ශ්‍රී ලංකන් විසින් සම්පාදනය කරන පුහුණු සැසි වෙනුවෙන් ද ඔවුන් සිය පුද්ගලික වියදම දරන බවත් පෙන්වා දෙන ගුවන් නියමු සන්සදය සිය වැටුප් ගෙවීමේ දි ඇමරිකානු ඩොලරයේ  මහබැංකුවේ අනුපාතයට සාපේක්ෂව  වටිනාකමින් සියයට 40ක්  දක්වා අඩු කර ගෙවීම, ගුවන්තොටුපල අනෙකුත් කාර්යමණ්ඩලවලට වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා ගෙවන නමුත් එම ගෙවිම්වලින් ගුවන් නියමුවන් ඉවත් කිරීම, කොවිඩ් වකවානුවේ දි වැටුපෙන් සියයට 50ක් කපා හැරි අවස්ථාවේදීත් සිදුකළ සේවයට නිසි ඇගයීමක් නොලැබීම ඇතුළු කාරණා රාශියක් ගුවන් නියමුවන්ගේ කලකිරීමට හේතු වී ඇතැයි එම සංස්දය කියයි.

ඔවුන් විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

කීර්ති ප්‍රනාන්දු


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka