gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සරත් නිසා සරත් තනතුරින් ඉවත් වෙයි! “ඉවත් වෙන්න එපා” – ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ඉල්ලයි

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ධුරයෙන් විශේෂ හේතුවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මෙම කරුණ හෙළිදරව් වූයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි.

කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත්වන බැවින් තමන් ඒ සඳහා පත්කරන එම රැස්වීමේදී අදහස් දැක්වමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉල්ලා සිටි බව වාර්තා වනවා.

එහිදී රැස්ව සිටි මැති ඇමැතිවරුන් ප්‍රශ්න කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රමාණික අත්දැකීම් ඇති ප්‍රවීණයකු වන ෆොන්සේකා මහතා මෙහි සිටිය යුතුම බවයි.

ඔහුට මෙම තනතුරින් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටිය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද පෙන්වා දී තිබෙනවා.

එයට පිළිතුරු දුන් රවුෆ් හකීම් මහතා කියා සිටියේ මෙම අධීක්ෂණ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මන්ත්‍රීවරයා බැවින් ඔහුගේ සභාපතිත්වය යටතේ ෆොන්සේකා මහතාට ක්‍රියාකළ නොහැකි නිසා ඉවත් වන බව තමන්ට දැනුම් දුන් බවයි.

එනිසා තමන් මෙම තනතුරට පත් කරන්නැයි රවුෆ් හකීම් මහතා එහිදී නැවතත් ඉල්ලා තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තු කාරක සභාව ඒ ගැන අවසන් තීන්දුවක් නොගත් බවයි වාර්තා වන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන ප්‍රධානම කාරක සභාවක්.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka