gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද 53ක් එක්ක විපක්‍ෂයට යන බව ජනපතිට කියලා?

තමන්ගේ සේවය රටට අවශ්‍ය යයි පැවසූවොත් නොපැකිළව එය ලබාදෙන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

තමන් කිසිවිටක ඇමති ධුර ඉල්ලා නැතැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඇමතිකම් නොදුන්නොත් 53 දෙනෙක් සමග ගොස් විපක්ෂයේ වාඩි වෙන්නේ යැයි ජනාධිපතිවරයාට පැවසු බවට පළ වන වාර්තා පිළිබඳව මාධ්‍ය විසින් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සදහන් කලේය.

‘මම තර්ජනය කිරීමක් හෝ ඇමති තනතුර කිසිම දවසක මම ඉල්ලලා නැහැ. මම ඇමති තනතුරු පස්සෙන් හඹා යන්නේත් නැහැ. ජනාධිපතිවරයා වගකීමක් භාර දුන්නොත් ඒක භාර ගන්නවා. ඒ නිසා පසුගිය කාලයේ මේ රටේ තිබුණ ආර්ථික අර්බුදයත් එක්ක අමාත්‍යධුර ලබාදීම සුදුසු නැහැ. ඒ නිසා මේ ආර්ථිකය යම්තාක් දුරට යතාවත් වුණාට පස්සේ තමයි එය ලබාදිය යුත්තේ. ඒ නිසා මම කිසිසේත් කවමදාවත් ඇමතිකම් ඉල්ලලාත් නැහැ, ඇමතිකම් පස්සේ යන්නේත් නැහැ. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් මම ඒක පිළිගන්නවා. මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ.’


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka