gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුවේ අස්වැසුමට එරෙහිව සමෘද්ධිලාභියෝ යකා නටයි! අපිව කපලා අපේ පැත්තෙම සල්ලි තියෙන අයට දීලා! (VIDEO)

රජය යෝජනා කර ඇති ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට එරෙහිව අද දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත වුණි.

විරෝධතාකරුවන් පවසන්නේ, දිළිඳු ජනතාව වෙනුවට සිය ප්‍රදේශවල පදිංචි නුසුදුස්සන් ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීම ඉතා අසාධාරණ බවය. 
පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන රජය විසින් ආරම්භ කරනු ලැබීය.

මේ යටතේ සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍යධාර ලබාදීමට නියමිත අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීමට සැලසුම් කර තිබේ.

අයදුම්පත් කැඳවීමෙන් පසු මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනුණු අතර සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව www.wbb.gov.lk වෙබ් අඩවිය ඔස්සේ දැනගත හැකිය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka