gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ට පසු එජාප නායකත්වය රවිට ඉල්ලයි... හොදම මුදල් ඇමතිත් වුණාලු!

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ අනුප්‍රාප්තිකයා ලෙස රවී කරුණානායක මහතාට පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය භාර දිය යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි. 
මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අවධාරණය කර සිටී මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය.

“ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානයෙන් පිදුම් ලැබූ රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලැබීමට යන බවට පැතිර යන ආරංචිය අතිශයින්ම සුභ ආරංචියක් වන අතර එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය තහවුරු වීම නියතයි.

විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප අවධාරණය කර සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ අනුප්‍රාප්තිකයා ලෙස රවී කරුණානායක මහතාට පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට අදාළ සියලු වගකීම් සහ කාර්ය භාරයන් පවරා දෙන ලෙසයි.

රවී කරුණානායක කියන්නේ උගතෙක්. බුද්ධිමතෙක්. දක්ෂයෙක්. ආචාරශීලී පුද්ගලයෙක්. සුහදශීලී පුද්ගලයෙක්. මිත්‍රශී පුද්ගලයෙක්. ඔහුට ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් තිබෙනවා. ලෝකය ඔහුව පිළි ගන්නවා. ඒ වගේම ඔහු නැති බැරි, අන්ත අසරණ, දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු අහංකාර නැහැ. උද්ධච්ඡ නැහැ. රෑ 12.00 ට කතා කළත් දුරකථනයට එනවා. ඔහුට හොඳ පළපුරුද්දක් තිබෙනවා. ඒ වගේම ඔහුට තිබෙන්නේ තරුණ සිතුවිලි. එමනේම ඔහු උසාවියෙන් නිර්දෝෂී වූ පුද්ගලයෙක්.

රවී කරුණානායක මහතා සතු මෙම කුසලතා සහ ගුණාංග නිසා ඔහුට ජන සමාජයේ සෑම තරාතිරමකම සහ සෑම ස්ථරයකම ජනයා එකට ඒකරාශී කළ හැකියි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගත හොත් විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අපට ද එම පක්ෂයට මතවාදී සහයක් ලබා දීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මේ වන විට විසිරී සිටින එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කළ විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් යළි එකට ඒකරාශී කිරීමේ ශක්තිය ද රවී කරුණානායක මහතාට තිබෙනවා.

– Media unit


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka