gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් බල කරන නිසා තව ඇමති ධුර හයක් දෙන්න වෙනවා - ජනාධිපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් එහි සඳහන් වේ.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතාවට සේවය කරන්න ඇමැතිකමක් අනවශ්‍ය බවය.

ජනාධිපතිවරයා විදෙස් සංචාරයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවකදී තවත් අමාත්‍ය ධුර පිරිනැමීම නුසුදුසු නමුත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත අකැමැත්තෙන් වුවද මෙම අමාත්‍ය ධුර හය සිදුවී ඇති බවත්ය.

යූ. කේ. අබේරත්න
Divaina


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka