දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් පනවා නැති පසුබිමක ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමට යාමෙන් මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීම මෙන්ම ආර්ථික පුනර්ජීවනය සඳහා කර්මාන්තකරුවන්ට ණය දීමට බැංකු වලට ඇති හැකියාව අහිමි විය හැකි බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතිශය සංවේදි කාරණයක්. ඒ නිසා තමයි ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියන ස්ථාවරයේ හිටියේ. මූල්‍ය අරමුදලේ බල කිරීමට තමයි ආණ්ඩුව ඒකට එකඟ වුණේ. නමුත් මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා නෑ. දේශීය ණය ප්‍රශස්ත කිරීමට තිබෙන විකල්ප පිළිබඳ ආණ්ඩුව අධ්‍යනයක යෙදී ඉන්නවා කියලා විතරයි 18 වගන්තියේ කියන්නේ. ඒ අනුව එහි ලංකාව ලබාගන්න ණය කොටස් තුනකට වෙන් කරනවා. 1. විදේශ නීතියට යටත් විදේශීය මුදල් වලින් ලබාගත් ණය. 2. දේශීය නීතියට යටත් විදේශ මුදල් වලින් ගත් ණය. 3. දේශීය නීතියට යටත් දේශිය මුදල් වලින් ගත් ණය. මූල්‍ය ස්ථාවරත්වය රැක ගනිමින් දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා තිබෙන විකල්ප සහ නීතිමය ක්‍රියාමාර්ග මොනවාදැයි කියලා ආණ්ඩුව අධ්‍යයනය කරමින් සිටී. මෙහි සදහන් වන්නේ එලෙසයි. එහෙම නම් බැංකු වහලා දාලා මූල්‍ය අරමුදල කියන බිල්ලා ඉස්සරහට පෙන්වමින් ආණ්ඩුව නටන නාඩගම මොකක්ද?
ප්‍රශස්තකරණය සහ ප්‍රථිව්‍යහගතකරණය යනු වචන දෙකක් පමණයි. ණය ප්‍රශස්තකරණයේ දී ආණ්ඩුවට ඇති එකම විකල්පය ගත් ණය කපා හැරීම නොවේ. ණය ගෙවීමේ කාලය දිගු කිරීම, පොලී අනුපාතය අඩු කිරීම ආදි විකල්ප ගණනාවක් තිබෙනවා. ඒවා භාවිතා නොකර ණයහිමියන් සමග එකඟතාවයක් ඇති කර ගන්නේ නැතිව ණය ප්‍රතිව්‍යුහගතකරණය බැංකු සහ විශ්‍රාමික අරමුදල් මත බලහත්කාරයෙන් පැටවීමට අපි විරුද්ධයි. බය නැතිව ආණ්ඩුවට ණය දුන්නේ ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්න පුළුවන් නිසා බංකොලොත් නොවන එකම ආයතනය ආණ්ඩුවයි කියන විශ්වාසයෙන්. ආර්ථික විද්‍යාවේ කියන්නේ අවදානම් රහිත එකම ආයෝජනය ආණ්ඩුවට ණයට දෙන එක කියලා. ඒ නිසා තමයි ඇපයට කිසිම දෙයක් ගන්නේ නැතිව ආණ්ඩුවට ණය දෙන්නේ. ඇපයක් ගන්නේ නැතිව ණය දුන්නු අයට දැන් අපි මෙතරම් ප්‍රමාණයක් ගෙවන්නේ නෑ කියලා ඒක පාර්ශවීය කියනවා නම් ඒක දාමරික ක්‍රියාවක් තගරියක් නැති නම් රාජ්‍ය ත්‍රස්තවාදය විධියටයි අපි දකින්නේ.
ආණ්ඩුව ගැන තිබෙන විශ්වාසය නිසාම බැංකු ගණනාවක ප්‍රධාන ණයගැතියා ආණ්ඩුව. බැංකු පහක් තම සමස්ත ණයෙන් 25% ඉක්මවලා ආණ්ඩුවට ණය දීලා තිබෙනවා. මට ඇති නොනිල තොරතුරු වලට අනුව අර්ථසාධක අරමුදල සිය ආයෝජන වලින් 80%ක්ම ආණ්ඩුවට ණය දීමයි කලේ. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් පනවා නැති පසුබිමක ආණ්ඩුව මේ කරන වැඩෙන් එක පැත්තකින් මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටෙනවා. අනිත් පැත්තෙන් ආර්ථික පුනර්ජීවනය සඳහා කර්මාන්තකරුවන්ට ණය දීමට බැංකු වලට ඇති හැකියාව නැති වෙනවා. ඒ නිසා මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුලත් බැංකු සමගත් පුළුල් සංවාදයක් සිදු කළ යුතුයි කියා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.
– Media unit