නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපති කාර්යාලයේ දී එයා වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ වෙත ඊයේ (28) අදාල පත්වීම් ලිපිය ලබා දී ඇත.
ඔහුගේ සුවිශේෂී සේවය අගයමින් ගුවන් හමුදාධිපති ධූරයේ නව පත්වීමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් මාර්ෂල් නිලයට උසස් කර තිබේ.
මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා වන එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ආනන්ද විද්‍යාලයෙන් පත් වූ ප්‍රථම ගුවන් හමුදාපතිවරයා ඔහුය.
වර්ෂ 1988 දි කැඩෙට් නිලධාරියෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට ඇතුළත් වීමෙන් ඔහුගේ ගමන ආරම්භ විය. ඉන් අනතුරුව 33 වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යභටයා ලෙසින් ඔහු සම්මානයට පාත්‍ර වූයේය.
දේශීය හා විදේශීය පුහුණුවේ සම්මිශ්‍රණයක් සමඟින් ඔහු ගුවන් නියමුවෙකු ලෙස කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කළේය.
දේශීය හා විදේශීය පුහුණුවේ සම්මිශ්‍රණයක් සමඟින් ඔහු ගුවන් නියමුවෙකු ලෙස කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කළේය.