gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් රාජපක්ෂට තිබූ තහනමක් ඉවත් කරමින් අධිකරණයෙන් නියෝගයක්!

ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරනු ලැබුවා. 
මෙම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු බවත්, එම නීතිපති උපදෙස් අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙන බවත් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ඉල්ලා සිට ඇත්තේ,එම අභියාචනාධිකරණ තීන්දුව ලබන 23 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිත අතර මෙම නඩුකරය ඉන් පසුව එළඹෙන දිනයක කැඳවන ලෙසයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල ජුලි මස 19 දා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.

මෙහිදී නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සිද්ධිය සැකකරුවන්ව වශයෙන් නම් කර නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද නියෝග කර තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka