gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල්ට සාගරට මහින්දගෙන් පාඩමක්! රනිල් එක්ක වැඩ කරන හැටි උගන්වයි! ජනපති කැඳවූ රැස්වීමට මහින්ද නෑ!

පසුගිය බදාදා දින ආණ්ඩුවේ සියලු පක්ෂ නායකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවට ඇරයුම් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කර තිබුණා. මේ ආරාධනය පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සේම, පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් වෙත ද ලැබී තිබුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර බැසිල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් කැඳවා තමා මෙම සාකච්ඡාවට සම්බන්ධ නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

“ඔය දෙන්නම යනව නම් මමත් එන්න ඕනේ නෑ.” යැයි එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් මෙම සාකච්ඡාව සහභාගි වන බැවින් තමා මේ සඳහා සහභාගි වීම අත්‍යවශ්‍ය නොවන බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා මෙම දෙපළ කැඳවා සාකච්ඡා කළ යුතු දෑ පිළිබඳ උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ජනපති සමඟ කතා කළ යුතු දෑ පිළිබඳ සහ කතා කළ යුතු ආකාරය පිළිබඳ යම් දේශපාලන පාඩමක් මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනාට ප්‍රකාශ කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව අගමැතිවරයාගේ ඇරයුමෙන් පසුගිය බදාදා සවස් වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පක්ෂ නායකයින් රුස්වී තිබුණා.

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අමතරව බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, ටිරාන් අලස්, ජීවන් තොණ්ඩමන්, ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු පිරිසක් මීට එක්ව සිටි අතර ජනපති වෙනුවෙන් වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු පිරිසක් ද මෙහි පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka