gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෑගි මුදලේ වෙනසක් නෑ… අලෙවි නියෝජිත කොමිස් මුදලේ වෙනස් නෑ… ඒත් ලොතරැයි මිල දෙගුණයකින් ඉහළට!

ලබන මාසයේ (ජුලි) සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත්තේ ලොතරැයි අලෙවි නියෝජිත ජාලය සමග සාකච්ඡා කර නොමැතිව බවත් මේ වනවිට මෙම තීරණයට එරෙහිව දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් විසින් බරපතල විරෝධයක් මතු කර ඇති බවත් සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ  පැවසුවේ ලොතරැයියක මිල   දෙගුණයකින් මිල වැඩි කර ඇත්තේ තෑගි මුදලේ වැඩිකිරීමක් නොකර බවත් අලෙවි නියෝජිතයන්ට ලැබෙන කොමිස් මුදල වැඩි කිරීමකින් තොරව බවත්ය.  පෙන්වා දෙන ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ  කොමිස් මුදල ඉහළ දැමීමකින් තොරව බවත්ය.
 
”මේක අත්තනෝමතික තීරණයක්. පාරිභෝගිකයා ටිකට් පතක් ගත්තොත් තමයි අපට යම් මුදලක් ලැබෙන්නේ. ආර්ථිකව දරිද්‍රතාවයට පත් වෙලා ඉන්න මිනිස්සු රුපියල් 40ක් දිලා ලොතරැයියක් මිලදී ගන්න පෙළඹෙන්නේ නෑ. ඉන් වෙන්නේ ලොතරැයි අලෙවිය අඩු වීම. මොකද තෑගි මුදල් වෙනස් නොවන නිසා අපහසුවෙන් හෝ මිලදී ගැනීම සඳහා ආකර්ෂණයක් නෑ.

ඒ වගේම මේ ලොතරැයි අලෙවි ජාලය හරහා අලෙවි සහායකයින් 25000ක් ජීවත් වෙනවා. ඉන් 8000ක් විතර විශේෂ අවශ්‍යතා සහිත කට්ටිය. මේ මිනිස්සුන්ගේ ජීවිත විශාල වශයෙන් බිඳවැටෙනවා විතරක් නොවෙයි, ආදායම අඩු වෙනකොට ඔවුන් රැකියාවෙන් ඉවත් වෙනව.ා. තියන තත්ත්වය තුළ අලෙවි ජාලය අඩපණ වීමට නියමතියි. ඔවුන් අපට මාස 06 කාලයකින් පසුව නියමිත කොමිස් මුදල ලබා දෙන්නම් කියලා කියනවා. ඒත් ඒ මාස හය යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.”

සභාපතිවරයා කියන්නේ මේ වනවිට ජනාධිපති ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කර සාකච්ඡා අවස්ථාවක් ලබා දෙන ඉල්ලීමක් කර ඇති බවය.

කිර්ත් ප්‍රනාන්දු


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka